Saturday, October 15, 2011

සාදූ වදිමි ගැටඹෙ බෝ සමිද ...

මහවැලිය අසබඩ
බෝසමිදු වැඩ සිටි
ගැටඹෙ තොට
දහසක් දෙනා ඇදෙන ...
මල් වත්ත පිස එන
සුවදින් සමිදු නහ වන
පූජාවක්ය එය
බෝ සමිදුන්ට පුද දෙන.....
ලෝකයට වැඩ සැදූ
බුදු හිමිගෙ පා පහස ලද
දෙතිස් පළ බෝ රුකකි
ගැටබේ බෝ සමිදු ....
සතර අතඇදී එන
නෙක පැතුම් ඉටුවන
ගැටඹෙ බෝසමිදු තෙද
අරුමයක් නොවේ මට ....


No comments:

Post a Comment