Saturday, October 15, 2011

සිත

බෝධ් මළුවෙ
හිමිගෙ සෙවනේ
හිරු නැගෙන විට
හිසට මුදුනින්
ගතේ දාහය
සිතේ වියවුල්
යළි යළිත් මට
ඉගි කළා
සිලි සිලි හඩින්
දෙසවනට කොදුරා
මද පවන් බෝ
සමිදු සලලා
ගතින් මා
සුවපත් කළා
පහන් වැට මත
දිලෙන පහන් සිල
අරමුණ උනා...
නිවි නිවී යන
මගේ සිත දැක
මනස යළි
සුවපත් උනා ...

*** සිත ***

No comments:

Post a Comment