Wednesday, October 26, 2011

ජීවිතය

ඔබ කවදා වත් සිතල තියෙනවද ඇයි අපි මේ ලෝකයට ආවෙ කියල .. අපි මීට ඉස්සල්ල ආත්මයක් ගෙවල ...ඒ ජීවිතය අවසන් කරල අද මෙතන ඉන්නෙ , අපි බොහෝ දෙනා නොදන්නවා උනත් එදා අපි කල පින් පව් මතයි අද මෙතන ඉන්නෙ , ඔයාල එදා ගොඩක් පින් කල නිසා තමයි අද මෙහෙම ලස්සන මිනිස් ආත්මයක් ලැබිල තියෙන්නෙ , ඒත් කියන්න කණගාටුයි අද බොහෝ දෙනා මතු භවය ගැන නොසිතා මේ භවය ගත කරන බව පේනව. ඇයි අප අණුවනයන් මෙන් කටයුතු කරන්නේ ... දැනුම් තේරුම් ඇති කාලයේ ඉදන් මරණය ලගාවන තුරුම ජීවිතයේ පුහු සතුට සොයා යන අප අත්තටම ජීවිතයට සතුට කියල එකතු කර ගන්නෙ ඒකමද ? ඔබත් සිතා බලන්න ... සමහර විට ඔබ කියයි ජීවිතය තියෙන්නෙ විදින්ටනෙ? විදවන්න නෙවෙයිනෙ කියල ....ම්ම්ම් සමහර විට ඔබට යම් අවස්ථවක තේරේවි ඔබ මෙතෙක් ගතකල විදිනවා කියමින් ගතකල ජීවිතය ඇත්තටම විදීමක් නොවන බව , අන්න ඒ මොහොත තමයි ඔබේ ජීවිතයේ හිරු පායන මොහොත... මෙතෙක් අප අදුරේ අත ගාමින් හිටි හැටි සිහි වේවි... දුක් නොවන්න... අපි දැන්ම පටන්ගමු ... අපේ මේ ජීවිතයට ආලෝකය උදා කර ගන්න. නැවත ඒ දුක් අදුරට නොයන්නට .... අපි ජීවිතය අවබෝදයෙන් ගත කරමු ... මේ සසර බැදගෙන ඉන්න අනවශ්ය බැදීම් වලින් මිදෙමු ... එතකොට නොදැනීම ඒ බැදීම් නිසා ඇතිවෙලා තියෙන දුක නෙතිවෙවි ... නේද? ඔබත් මොහොතක් සිතන්න ....අප මේ දුක් සසර තව තවත් දික් කරගත යුතුද? ධර්මය තිබෙනම් .... යන මගත් දනීනම් ... ඇයි ඒ මග නොයන්නේ ....

** ආදරය මා ***

නුඹ සොයා ගෙන එන්න බෑ මට
වෙන සිතක මම නැවතිලා
ප්‍රථම ප්‍රේමය නුඹ උනත් මගෙ
ඇය මගේ හදවත වෙලා ....

එදා පෙර දින මාව තනි කර
ඔබ කොහේදෝ සැගවුනා
ඇගේ සෙනෙහස මටම පුදලා
ඇය මගේ දුක නැති කලා .....

නුඹ මගේ සොයුරියක් වී
හිදින්නට හැක හැම දිනේ
නුඹට හොද සොහොයුරෙකු වී මට
හිදින්නට හැක හැම දිනේ ..

ජීවිතේ කදුළට නිමා දී
සතුට සෙනෙහස ඇය ගෙනත්
 ඇය අපේ ජීවය වෙලා ඇතය
මියෙන තුරු මගෙ ලොවේ ....

*** ආදරය මා ***

Sunday, October 23, 2011

යළිත් උදා වී ඈත දිනයක්
ජීවිතය සොයා යන්නට...
ඒ ජීවන මග දිගේ
පෙර දින නතර උන තෑනින්
හමු වේවි වෑට කඩුලු
... බාධකද බෝ මයක්
පෙර මගට
ජය ගන්න ජිවිතය
අත නොහෑර
සොයා යමි
ජය ගනිමි
කවද හිරි
ජීවිතය...

හෑරයාම

හමුවීම ළඟම හුන්
වෙන් වීම ළං වෙලා.....
හඳවතට ළෙන්ගතු ම
කවුරුදෝ හඬවලා.....
යන්නෙ දුර ඈත නුඹ
ඇයිද ඉක්මන් වෙළා.......
කියන් අක්කණ්ඩියේ
නුඹ මගේ සිත රිදවලා.....
ජීවිතය කුමක් දැයි
අවබෝධයෙන් සිටියා එදා ...
ඇයිද නුඹ සොයුරියේ
යන්නෙ අප හැර දමා.....

ආදරය

ඔයා මට කොච්චර ආදරේද
මහා සාගරයටත් වඩා
මම ඔයාට කොච්චචර ආදරේද
මහා මේරුවටත් වඩා
කීවදද එදා අප
තනි වෙලා මම....
ඒ මහා මේරුව මත
ඔයා ඈත
පුංච් දූපතක ....
අද .....

**** ආදරය ****

ලෝකය මම ය

මම සිතුවෙමි දිනෙක
සොයා ගන්නට ජීවිතය
සොයා යන්නට ලෝකය
ඉතින් මම ඈරඹීය එය ....
මම කවුද සොයා යන්නට
එයින් ලොව සොයා ගන්නට
සොයා බෑළුවෙමි දස අතින්
මම කවුද යෑයි කියා ...

අහන්නට කෙනෙකු නෑත
සොයන්නට තෑනක නෑත
හෑමෝම ඉබාගාතයේ
යන්නවුන් සේ ලොවේ ...

ඉදින් මම අතහෑරිමි මා සෙවීම
ඈරඹීය ලෝකය සයන්නට
සොයා යන විට එය
දුටු වේය මා ලෝකය ...

අහෝ ... පුදුමයකි ...
ඈත ලෝකයම මා තුළ
අවෑසි වන්නේ සොයා ගෑනුමයි
අවබෝධයෙන් සිත තුළ


***** ලෝකය මම ය *****

Saturday, October 15, 2011

ඔය ළමැදට හිස තියාන
ආසයි මට සුව විදින්න
ඔය මුහුණට හොරෙන් එබි
ආසයි හාදුවක් දෙන්න....
නුඹෙ මුවගේ සිනා කැකුළු
ආසයි මට බළා ඉන්න
නුඹෙ නෙතු අග කඳුළු බිඳක
ආසයි මට රස බලන්න
ජීවිතයේ හැමදකම
නුඹේ ළගට වී හිදින්න .....
...

ආදරෙයි මා....

සද අමාවක.....
මගෙ ජීවිතය......
කණාමැදිරි එළියකුදු නොමැතිව...
මංමුලාවෙකු වූ වෙකු සේ......
ඇවිද යන විට........
ජීවන මඟ දිගේ ......
හිරු කුමරියක වි.....
පිපී මා හදවතේ......
ආදරය මෙයම යැයි ....
සෙනෙහසින් කියා දී ....
හදවතේ රැජිණියනි .....
මම නුඹට ආදරෙයි .....
සසර වසනා තුරා මා...

**** ආදරෙයි මා.... *****

අහිමි වූ දුක

දිනක මා පෙර අතීතයකදි.......
සොදුරු සිතකට පෙම් කළා ..............
මගේ සෙනෙහස ඇයම වූ වද.......
ඇගේ සෙනෙහස මා ව පැතුවද ......
දෛවයේ සරදමක් වී මට .......
හිමි නොවන්නට ඇය වෙන් වුනා .....
අහිමි වූ වද දුකක් නැහැ මට .....
ඇගේ සෙනෙහස ඒ දිනේ ......
ආදරය යනු කුමක් දැයි මම....
හදුන ගෙන සිටි නිසා .....

****** අහිමි වූ දුක *****

පුංචි පුතා 2

පුංචි පුතේ නුඹ ඇවිදින් .......
අපෙ ලොවට ........
සතුටු සිනහ ඉතිරෙව්වා ........
මගෙ ගෙපැළේ .........
ලොවට උතුම් පදවියකින් .......
මා පිදු වේ......
අප්පච්චී නාමය මම .......
අද ලැබුවේ ........

****** පුංචි පුතා *******

බලාපොරොත්තුව

හිරු වෙලා මා නුඹේ ලොව වෙත ........
සදු වෙළා නුඹ මගේ දිවියට .........
සසර ගමනේ හමුවෙළා අප .........
දෙසිත් එක් වී හද බැදී ........
පුංචි තරුවක් වී එදා .......
චුටි පුතු ඇත පායලා ..........
ඔහුගෙ කිරිසිනහා හඩින් ......
ලොවම මා දිනුවා යැයි සිතේ....
ඇත අහසේ... පුංචි ....
තරු කුමරියක් වී ....
කවුරු හෝ හිනැහී දිළෙයි දෝ....
බළා ඉමි අප සෙනෙහසින් .....

***** බලාපොරොත්තුව *****
*

කිසි ජීවිතටය

ජීවිතෙ මොකක්දෝ ........
හිස් බවක හැගීමක් ..........
හිත ඇතුලෙ කෑගසයි .......
හද වතට දුක් දෙමින් ......
සොයන්නෙමි හැම විටම ........
ඒ කුමක් දැයි කියා ......
මා මනස කළඹමින් ....
ලැබෙන හැම මොහොතකම ..........

වි... ර...හ...ව

දැත් පටලව ගෙන
ඇවිද යන අයුරු
දුටුවේය මම
පෙර දිනෙක ඔබ ...

මල් පිපී බර වුන
විහගුන්ගෙ ගී සරෙ
හඬ ඔබට නෑසුනෙමි
ඔබල ඔබෙ පෙම් ලෝක වල....

අද උදේ දුටිමි මම
ඒ මාවතේ කෙලෙවරක
බංකුවක මත
තනි වෙලා නුඹ සිටිනයුරු ....

නෙතු අතර කදුළු කැට
දෙකපුලේ කැටි ගැසී
සිතේ දුක විහන්ගුනට
හදවතින් පවසමින්....

**** වි... ර...හ...ව *****

නුඹ මගේ ජීවිතය

සෙනෙහෙ සිත මගෙ අතීතය ළඟ
දඟ කරන විට සිත කොනේ
නුඹේ නෙතු මට හමු උනා පෙරදින
යළිදු මා මතකෙට නැගේ....

දහස් නෙතු අතර මම
සොයන විට ඒ දෙනෙත
හමුවුණෙමි නිල් නයන
මා හදින් වැළඳ ගති ...

සසර පෙර පුරුදු ලෙස
හමුවී බැඳුනු අප හද
රන් මුදුවක් පැළඳ
ජීවිතේ විදිමි අද ....

***** නුඹ මගේ ජීවිතය *****

මවක ගේ පෑතුමක්

පාට පාට මල් වල ඇති
සුවඳ ගතේ තවරන්නම්
දේදුන්නේ පාට රැඳුනු
සළුව බබුට පොරවන්නම්
සීත පුළුන් කැටි වැනි වූ
වළා යහනෙ සතපන්නම්
සමනලයින් සමග හොවා
මගේ පුතා නළවන්නම්

**** මවක ගේ පැතුමක් ****
මගේ බිරිද ගේ නිර්මණයක්
ලංවෙන්න බෑරි වුනත් ....
දුර ඈත ඉගිලුනත් .....
මම මගෙ ආදරය .....
නුඹට මය පුද දුන්නෙ ...
හමු උනත් අප දෙදෙන ....
මුවග ගොළු වි තිබුන ...
එදා මගෙ ආදරය ...
අදද එලෙසයි නුඹට ...

ආදරය ...

ආදරය... ආදර ...ආද ..
මොකද්ද මේ ආදරය ...
සොයා යන්නට සිතයි මාහට ...
උපන් මොහොතේ සිටම ...
මරණයෙන් අප හැර යන තුරුම ...
අප සොයා එන සොයා යන...
ආදරය ...
මවගෙන්... පියා ගෙන් ...
සහෝදර සහෝදරියගෙන් ...
නැදැ හිතවතුන් ගෙන් ....
මිතුරු මිතුරියන් ගෙන් ...
දූදරු මිණිපිරියන්ගෙන් ...
අප ලබන ආදරය...
ඒ සියළු දෙයට වැඩි ...
පෙම්වතියගෙන් පෙම්වතාගෙන්...
අප සොයන අප පතන ...
ආදරය ...
ලැබීමෙදි සතුට ඇති ...
අහිමි වීමෙදි දුක උරුම ..
නෙතකට සතුටු මෙන් ...
දුක් කදුළු දෙන...
ආදරය ...
නැගෙන හිරුගේ
එළිය ලබමින්
බැසී ගිය සද
සිහිල ලබමින්
උදා වන අද
දවස මෙලෙසින්
සැමට සුභ වේ
පතමි මෙලෙසින් ..
...

පුංචි පුතා

කිරි සිනා නුඹගෙ මුව
දකින විට මගේ නෙතු
යළි යළිත් ජීවිතය
හිමි උනා සේ දැනේ.....

**** පුංචි පුතා ****

ජීවිතය

ජීවිතේ කාළයක
මට දැනුණු තනීකමට
සොයාගෙන සොයා ගෙන
සෙනෙහසේ හද වතක්
සැරි සැරිමි
සතර අත
ලැබුණ මුදු ආදරය
පාළුව මකන්නට
සැමදාම මා අසළ
අත් නොහැර රැදෙන්නට
පැතු පැතුම් සුන් වෙලා
ජීවිතේ යළි වරක්
කදුල ළග තනි වෙළා
ඇය ගිහින් වෙන ලොවක
මගෙ ලොවෙන් සමු අරන්...

**** ජීවිතය****

අමා නිවන් මග

තත්පරෙන් තත්පරය
විනාඩියෙන් විනාඩිය
ගෙවී යයි ජීවිතය
අපටත් හොරෙන්
කිසිවිටක දැනුනෙ ද
අප ජීවිතය මත
නතර වී ඇති බව
දුක ළග
වේදනාව මත
එසේනම් ඇයි අප
නොසොයන්නේ ...
අමා නිවන් මග

ආදරය

ආදරෙයි මම ඔබට
හඩ නාගා කියන්නට
නොහැක මට
මා ගොළුයි .....
කීවද අහන්නට
නොහැක ඇය හට
ඈ බිහිරියි ......

සතුට

ජීවිතේ හැම දාම
මම පතන පැතුමක් විය
දුක උරුම හදවතක්
සොයාගෙන ගොස් ළගට
දුක නැති කරන්නට
කදුළ පිරි දෙනයනක
කදුළු වැල් පිසලන්න
මංමුලා වූ සිතට
නිවැරදි මගක් වන්නට
කරන්නට හැකි
හැම දේම කරන්නට
නිරමිස පින් සිතක්
එයින් මා ලබන්නට

***** සතුට *****

මුහුණු පොතේ සොයුරිය

සසර තුළ යළි
යළිත් ඉපදී
ජීවිතය මේ
යැයි සොයන්නට
ඇවිද යන විට
ජීවිතය අතරේ
මංමුලා විය
සිත එදා
ආදරය ළග
හද දවන දින
කදුළ නෙතු තුළ
දුක දොවන විට
ජීවිතේ මෙය
නොවන බව මට
පසක් කර දින
නුඹ එදා

** මුහුණු පොතේ සොයුරිය ***

මල...

රෑයක් පුරා
වෙර දරා
සුවද දෙන්නට
ලෝකයට
පිපුන
සුවද මල
හිරු දකින්නටත්
කළියෙන් කඩා
බුදු සමිදු
පිදු ලස්සන....

නුඹට

*****නුඹට*****
ඔය ළමැද
මා හදට
සුව යහන
නොවී ඇත
ජීවිතේ කිසි
දිනෙක
ඒ නමුදු
නුඹ මගේ
හිත ළගම
මගෙ ආදරේ
නුඹට මයි
හැම දිනම
දිවි තුරා ...
නුඹෙ ඉරණම නුඹම ලියපන්...
කාටවත් බෑහෑ එය ලියන්නට...
සිතේ දුක නෑත කදුළ විසිකර...
හිනාවට අඩ ගසාපන් ...

නුඹ අහිමිව

අතීතය සොදුරු මද
ඔබට මෙන් නැහැනෙ මට
අහිමිවී ගිය සෙනෙහෙ
කදුළ මය මට උරුම

... යළි යළිදු සිහිවෙද්දි
මට මගේ සොදුරු පෙම
සිත මගේ කෑ ගසයි
සොයා එන්නට නුඹව

නමුදු අවසර නොමැත
නුඹ වෙතට මට එන්න
මවක් වී නුඹෙ පුතුට
ජීවිතේ නුඹ ගෙවන

දුරින් හිද මම බලමි
තවම මම තනිව ඉමි
තවත් හදකට දෙන්න
ආදරය ළග නොමැත

**** නුඹ අහිමිව ****

වාම්මෙ...

අම්මෙ නුඹයි මට
ජීවිතය ගෙන දුන්නෙ ...
නුඹ නිසා මය අම්මෙ
අද මෙතෑන මම ඉන්නෙ ..
ජීවිතය කියා දී ලෝකය දකින්නට
නෑණ නුවණ පෑදුවෙද
නුඹමය මවුනි මගෙ...

සිහිනයක කදුළ

පිණි වෑටෙන මේ යාමෙ ...
දුටු සිහිනයක පෑටළී ....
ඈය එනව මා සොයා ...
සිත දුකයි හද දවයි ...
ඉවත් වී ඔබ යන්න...
කියන්නෙ කෙළෙසින්ද මම ...
සිහින මත පමණමය ...
ඈය එන්නෙ මා නෙතට...

**** සිහිනයක කදුළ ****

නුඹෙ කව

ජීවිතේ හැමදාම
ඉන්න වා ඔබ ළගින්
මතකයි පෙර දිනෙක
නුඹ කෙදිරුවා කනට

ඇහෙනවා තවම මට
කන් බෙරයෙ හැපි හැපී
නින්නාද දෙන අයුරු
නුඹේ සුමියුරු වදන

මුත්තාගේ කවිය

රටේ ලොකු ලොක්කන් ....
කරන මේ විගඩං .....
දෑක්කම මට බොලං .....
කදුළු පනිනව ඈහෙන් දොට්ටං ....

... චන්දෙ ඉල්ලං එනකොටෑ මුං ....
කොන්ද නවලා වදිනවා බං ....
ඒක දෑකලා අපේ උන් .....
කතිරෙ ගහලා කොරා ගොන්කං....

**** මුත්තාගේ කවිය *****

සොයා යාම

සසර මත සැරිසරණ
මම සොයන එකම මඟ
සොයාගෙන සොයාගෙන
සෑම තැන ඇවිද යමි .....

දුර ඈත අතීතෙක
බුදුරදුන් දෙසූ දම්
ලිහා ගත නිහැකිවම
තවම ඇත සිත කොනක .....

භවෙන් භවයෙ ඇදෙන
නිම නොවන සසර මග
නිමා කරලන්න මට
කියනුයේ කවදාද ......

හද කුමරි

හද කුමරි හිනැහෙන ...
අර නිල් අහස මත ....
දග කරන වාළා කැටි ......
වැලද ගන්නට ඇවිද යමු.....
ආදර්යේ පියගැට පෙළ මතින්
නුඹ දෑත මා හා වෙළී ...
සොදුරු ආදර ලොවට .....

මම ආසයි ...

මමත් ආසයි
නුඹත් ආසයි
ඔහුත් ආසයි
ඇයත් ආසයි
සෙනෙහසේ අරුතක්
සොයන්නට
සොයාගෙන එය
රස විදින්නට
ආදරය
ජීවිතය වන්නට
ජීවිතය ළග
තියා ගන්නට

****ආදරය ළග ****

අතීතය මත හිදින
දුක විදින හදවතක්
ජීවිතය සොයා යන
මංසලක නැවතිලා .....

කොහේ යන්නද කොහේ
එන්නද මං නොදැන
ඒ මග ඇදෙන
පාර ඇසුවා ඇගෙන් .......

කදුළ පිරි ඒ දෙනෙත
අසරණව බැලුව කළ
හැදින ගති ආදරය
හද ගැහෙන රවයෙන්.......

ජීවිතය කියා දෙන
ආදරය ළග රැදී
ඔයා ඇත මගේ ළග
සතුට පුරවා ජීවිතේ .......

****ආදරය ළග *****

සාදූ වදිමි ගැටඹෙ බෝ සමිද ...

මහවැලිය අසබඩ
බෝසමිදු වැඩ සිටි
ගැටඹෙ තොට
දහසක් දෙනා ඇදෙන ...
මල් වත්ත පිස එන
සුවදින් සමිදු නහ වන
පූජාවක්ය එය
බෝ සමිදුන්ට පුද දෙන.....
ලෝකයට වැඩ සැදූ
බුදු හිමිගෙ පා පහස ලද
දෙතිස් පළ බෝ රුකකි
ගැටබේ බෝ සමිදු ....
සතර අතඇදී එන
නෙක පැතුම් ඉටුවන
ගැටඹෙ බෝසමිදු තෙද
අරුමයක් නොවේ මට ....


සිත

බෝධ් මළුවෙ
හිමිගෙ සෙවනේ
හිරු නැගෙන විට
හිසට මුදුනින්
ගතේ දාහය
සිතේ වියවුල්
යළි යළිත් මට
ඉගි කළා
සිලි සිලි හඩින්
දෙසවනට කොදුරා
මද පවන් බෝ
සමිදු සලලා
ගතින් මා
සුවපත් කළා
පහන් වැට මත
දිලෙන පහන් සිල
අරමුණ උනා...
නිවි නිවී යන
මගේ සිත දැක
මනස යළි
සුවපත් උනා ...

*** සිත ***