ඔබ
කවදා වත් සිතල තියෙනවද ඇයි අපි මේ ලෝකයට ආවෙ කියල .. අපි මීට ඉස්සල්ල
ආත්මයක් ගෙවල ...ඒ ජීවිතය අවසන් කරල අද මෙතන ඉන්නෙ , අපි බොහෝ දෙනා
නොදන්නවා උනත් එදා අපි කල පින් පව් මතයි අද මෙතන ඉන්නෙ , ඔයාල එදා ගොඩක්
පින් කල නිසා තමයි අද මෙහෙම ලස්සන මිනිස් ආත්මයක් ලැබිල තියෙන්නෙ , ඒත්
කියන්න කණගාටුයි අද බොහෝ දෙනා මතු භවය ගැන නොසිතා මේ භවය ගත කරන බව පේනව.
ඇයි අප අණුවනයන් මෙන් කටයුතු කරන්නේ ... දැනුම් තේරුම් ඇති
කාලයේ ඉදන් මරණය ලගාවන තුරුම ජීවිතයේ පුහු සතුට සොයා යන අප අත්තටම ජීවිතයට
සතුට කියල එකතු කර ගන්නෙ ඒකමද ? ඔබත් සිතා බලන්න ... සමහර විට ඔබ කියයි
ජීවිතය තියෙන්නෙ විදින්ටනෙ? විදවන්න නෙවෙයිනෙ කියල ....ම්ම්ම් සමහර විට ඔබට
යම් අවස්ථවක තේරේවි ඔබ මෙතෙක් ගතකල විදිනවා කියමින් ගතකල ජීවිතය ඇත්තටම
විදීමක් නොවන බව , අන්න ඒ මොහොත තමයි ඔබේ ජීවිතයේ හිරු පායන මොහොත...
මෙතෙක් අප අදුරේ අත ගාමින් හිටි හැටි සිහි වේවි... දුක් නොවන්න... අපි
දැන්ම පටන්ගමු ... අපේ මේ ජීවිතයට ආලෝකය උදා කර ගන්න. නැවත ඒ දුක් අදුරට
නොයන්නට .... අපි ජීවිතය අවබෝදයෙන් ගත කරමු ... මේ සසර බැදගෙන ඉන්න අනවශ්ය
බැදීම් වලින් මිදෙමු ... එතකොට නොදැනීම ඒ බැදීම් නිසා ඇතිවෙලා තියෙන දුක
නෙතිවෙවි ... නේද? ඔබත් මොහොතක් සිතන්න ....අප මේ දුක් සසර තව තවත් දික්
කරගත යුතුද? ධර්මය තිබෙනම් .... යන මගත් දනීනම් ... ඇයි ඒ මග නොයන්නේ ....
නුඹ සොයා ගෙන එන්න බෑ මට
වෙන සිතක මම නැවතිලා
ප්‍රථම ප්‍රේමය නුඹ උනත් මගෙ
ඇය මගේ හදවත වෙලා ....
එදා පෙර දින මාව තනි කර
ඔබ කොහේදෝ සැගවුනා
ඇගේ සෙනෙහස මටම පුදලා
ඇය මගේ දුක නැති කලා .....
නුඹ මගේ සොයුරියක් වී
හිදින්නට හැක හැම දිනේ
නුඹට හොද සොහොයුරෙකු වී මට
හිදින්නට හැක හැම දිනේ ..
ජීවිතේ කදුළට නිමා දී
සතුට සෙනෙහස ඇය ගෙනත්
ඇය අපේ ජීවය වෙලා ඇතය
මියෙන තුරු මගෙ ලොවේ ....
*** ආදරය මා ***