Saturday, October 15, 2011

ඔය ළමැදට හිස තියාන
ආසයි මට සුව විදින්න
ඔය මුහුණට හොරෙන් එබි
ආසයි හාදුවක් දෙන්න....
නුඹෙ මුවගේ සිනා කැකුළු
ආසයි මට බළා ඉන්න
නුඹෙ නෙතු අග කඳුළු බිඳක
ආසයි මට රස බලන්න
ජීවිතයේ හැමදකම
නුඹේ ළගට වී හිදින්න .....
...

ආදරෙයි මා....

සද අමාවක.....
මගෙ ජීවිතය......
කණාමැදිරි එළියකුදු නොමැතිව...
මංමුලාවෙකු වූ වෙකු සේ......
ඇවිද යන විට........
ජීවන මඟ දිගේ ......
හිරු කුමරියක වි.....
පිපී මා හදවතේ......
ආදරය මෙයම යැයි ....
සෙනෙහසින් කියා දී ....
හදවතේ රැජිණියනි .....
මම නුඹට ආදරෙයි .....
සසර වසනා තුරා මා...

**** ආදරෙයි මා.... *****

අහිමි වූ දුක

දිනක මා පෙර අතීතයකදි.......
සොදුරු සිතකට පෙම් කළා ..............
මගේ සෙනෙහස ඇයම වූ වද.......
ඇගේ සෙනෙහස මා ව පැතුවද ......
දෛවයේ සරදමක් වී මට .......
හිමි නොවන්නට ඇය වෙන් වුනා .....
අහිමි වූ වද දුකක් නැහැ මට .....
ඇගේ සෙනෙහස ඒ දිනේ ......
ආදරය යනු කුමක් දැයි මම....
හදුන ගෙන සිටි නිසා .....

****** අහිමි වූ දුක *****

පුංචි පුතා 2

පුංචි පුතේ නුඹ ඇවිදින් .......
අපෙ ලොවට ........
සතුටු සිනහ ඉතිරෙව්වා ........
මගෙ ගෙපැළේ .........
ලොවට උතුම් පදවියකින් .......
මා පිදු වේ......
අප්පච්චී නාමය මම .......
අද ලැබුවේ ........

****** පුංචි පුතා *******

බලාපොරොත්තුව

හිරු වෙලා මා නුඹේ ලොව වෙත ........
සදු වෙළා නුඹ මගේ දිවියට .........
සසර ගමනේ හමුවෙළා අප .........
දෙසිත් එක් වී හද බැදී ........
පුංචි තරුවක් වී එදා .......
චුටි පුතු ඇත පායලා ..........
ඔහුගෙ කිරිසිනහා හඩින් ......
ලොවම මා දිනුවා යැයි සිතේ....
ඇත අහසේ... පුංචි ....
තරු කුමරියක් වී ....
කවුරු හෝ හිනැහී දිළෙයි දෝ....
බළා ඉමි අප සෙනෙහසින් .....

***** බලාපොරොත්තුව *****
*

කිසි ජීවිතටය

ජීවිතෙ මොකක්දෝ ........
හිස් බවක හැගීමක් ..........
හිත ඇතුලෙ කෑගසයි .......
හද වතට දුක් දෙමින් ......
සොයන්නෙමි හැම විටම ........
ඒ කුමක් දැයි කියා ......
මා මනස කළඹමින් ....
ලැබෙන හැම මොහොතකම ..........

වි... ර...හ...ව

දැත් පටලව ගෙන
ඇවිද යන අයුරු
දුටුවේය මම
පෙර දිනෙක ඔබ ...

මල් පිපී බර වුන
විහගුන්ගෙ ගී සරෙ
හඬ ඔබට නෑසුනෙමි
ඔබල ඔබෙ පෙම් ලෝක වල....

අද උදේ දුටිමි මම
ඒ මාවතේ කෙලෙවරක
බංකුවක මත
තනි වෙලා නුඹ සිටිනයුරු ....

නෙතු අතර කදුළු කැට
දෙකපුලේ කැටි ගැසී
සිතේ දුක විහන්ගුනට
හදවතින් පවසමින්....

**** වි... ර...හ...ව *****