සැඩ හිරු නැගී .........
හිස් මුදුනෙ දීළෙන විට..............
බෝ හිමි සෙවනේ........
සිහිලස මට දැනුනා....
හිමි පුදන්නට...
පහන් වැටක ඉහළම මාලේ....
පුංචි පහනක් ....
සැළේ සුළඟට.....
පහන මත තෙල් ...
සිදී යන තුරු....
සුළං රැල්ලෙන් එය...
නිවෙන තුරු...
ලෝකයට එය ....
එළිය දේවී ....
අපද.....එළෙසින්ම......
සංසාර සයුර මත...
එකතු උන බෑදිමන්...
ධර්මයෙ තෙල් වලින්....
සිත අගට දල්වලා...
නිවාලන්නට...
භවය....
අදිටනින් .....
යමු පෙරට......
ආදරය අහිමිවී........
ජීවිතය විද වද්දි .........
නැවත නුඹ ඒවි යැයි ..........
සිත යළිදු කොදුරද්දි ..........
සඳ කුමරි රැ අහසෙ ....
අඳුර දී බැස යද්දි.......
සුවඳ මල් පරවෙලා .......
සිත දුකින් බර උනා.....
හඳවතට ලංවී හිඳන්.....
සිත පුරා සෙනෙහස පුදා.....
කිසිදු දිනයක අතැර නොයනෙමි....
දෑතෙ පැටලී පෙර මිමිණුවා....
නමුදු ඒ පෙම සැඟ විලා...
නුඹ කොහේදෝ හැංගිලා...
ආදරේ අනියත දුකක් බව......
මට මගේ සිත කෙදිරුවා ......
ආදරය නිසා මද....
කදුළක් ගලන්නේ........
ජීවිතය නිසාමද.....
නුඹ අද තැවෙන්නේ .....
ඈතට ඇදී ගිය .....
ඔහු අද තැවේවිද.......
නුඹ මෙන් ඔහුත් අද...
කදුලැළි සලා විද...
ජීවිතය විද ගන්න...
පිසලන්න කදුළු වැල්...
ඔය මුවඟ සරසන්න...
සිනහවේ හසරැල්ල...
දයාබර මිතුර.........
දුරු ඈත ගමක සිට......
අප සොයා පැමිණි ලා....
එකම පන්තියක හිද ......
සිප් සතර හැදෑරු නුඹ.....
එකම බත්පත බෙදාගෙන කෑ....
එකම තේ එක බෙදාගෙන බී.....
ලඟින් සිටියා නුඹ එදා...
පාසලෙන් අප හැර ගියත්...
සෑම විටදිම හමු වුනා....
රුදුරු මඟ මරුවෙකු වෙලා ඇවිදින්....
ජීවිතෙන් නුඹ සමු අරන්...
වසර දෙකකුත් ...
ඉක්ම ගිය මුදු...
නැහැ තවත්..නුඹ...
මා සිත සමු අරන්...
**** ළබැඳි මිතුර *****
සදා හරිත වන ගොමුවේ
නැහැනෙ මිතුර මා ඉන්නෙ.....
ගලා හැලෙන නීල දියේ.....
නැහැනෙ මිතුර දිය නෑවේ......
හමා ඇදෙන මද පවනේ.....
නුඹෙ සුවදයි මට දැනුනේ...
මා පින් කර ඇතද.....
අම්මා යැයි අසන්නට.......
නුඹ පින් කර නැතිය.......
අප්පච්චී කියන්නට.......
අප දෙදෙන එක්වී....
සසර පෙර....
කළ පව මොකද්දො....
ඔහු හැර යන්න...
ජීවිතයේ කවදාවත්...
යළි ඔහු නො එන නිසා...
ඉන්නම් මා නුඹට....
මව හා පියා වෙලා...