Saturday, October 15, 2011
නුඹ අහිමිව
අතීතය සොදුරු මද
ඔබට මෙන් නැහැනෙ මට
අහිමිවී ගිය සෙනෙහෙ
කදුළ මය මට උරුම
... යළි යළිදු සිහිවෙද්දි
මට මගේ සොදුරු පෙම
සිත මගේ කෑ ගසයි
සොයා එන්නට නුඹව
නමුදු අවසර නොමැත
නුඹ වෙතට මට එන්න
මවක් වී නුඹෙ පුතුට
ජීවිතේ නුඹ ගෙවන
දුරින් හිද මම බලමි
තවම මම තනිව ඉමි
තවත් හදකට දෙන්න
ආදරය ළග නොමැත
**** නුඹ අහිමිව ****
වාම්මෙ...
අම්මෙ නුඹයි මට
ජීවිතය ගෙන දුන්නෙ ...
නුඹ නිසා මය අම්මෙ
අද මෙතෑන මම ඉන්නෙ ..
ජීවිතය කියා දී ලෝකය දකින්නට
නෑණ නුවණ පෑදුවෙද
නුඹමය මවුනි මගෙ...
සිහිනයක කදුළ
පිණි වෑටෙන මේ යාමෙ ...
දුටු සිහිනයක පෑටළී ....
ඈය එනව මා සොයා ...
සිත දුකයි හද දවයි ...
ඉවත් වී ඔබ යන්න...
කියන්නෙ කෙළෙසින්ද මම ...
සිහින මත පමණමය ...
ඈය එන්නෙ මා නෙතට...
**** සිහිනයක කදුළ ****
නුඹෙ කව
ජීවිතේ හැමදාම
ඉන්න වා ඔබ ළගින්
මතකයි පෙර දිනෙක
නුඹ කෙදිරුවා කනට
ඇහෙනවා තවම මට
කන් බෙරයෙ හැපි හැපී
නින්නාද දෙන අයුරු
නුඹේ සුමියුරු වදන
මුත්තාගේ කවිය
රටේ ලොකු ලොක්කන් ....
කරන මේ විගඩං .....
දෑක්කම මට බොලං .....
කදුළු පනිනව ඈහෙන් දොට්ටං ....
... චන්දෙ ඉල්ලං එනකොටෑ මුං ....
කොන්ද නවලා වදිනවා බං ....
ඒක දෑකලා අපේ උන් .....
කතිරෙ ගහලා කොරා ගොන්කං....
**** මුත්තාගේ කවිය *****
Subscribe to:
Posts (Atom)