Friday, January 18, 2013
Wednesday, October 26, 2011
ජීවිතය
ඔබ කවදා වත් සිතල තියෙනවද ඇයි අපි මේ ලෝකයට ආවෙ කියල .. අපි මීට ඉස්සල්ල ආත්මයක් ගෙවල ...ඒ ජීවිතය අවසන් කරල අද මෙතන ඉන්නෙ , අපි බොහෝ දෙනා නොදන්නවා උනත් එදා අපි කල පින් පව් මතයි අද මෙතන ඉන්නෙ , ඔයාල එදා ගොඩක් පින් කල නිසා තමයි අද මෙහෙම ලස්සන මිනිස් ආත්මයක් ලැබිල තියෙන්නෙ , ඒත් කියන්න කණගාටුයි අද බොහෝ දෙනා මතු භවය ගැන නොසිතා මේ භවය ගත කරන බව පේනව. ඇයි අප අණුවනයන් මෙන් කටයුතු කරන්නේ ... දැනුම් තේරුම් ඇති කාලයේ ඉදන් මරණය ලගාවන තුරුම ජීවිතයේ පුහු සතුට සොයා යන අප අත්තටම ජීවිතයට සතුට කියල එකතු කර ගන්නෙ ඒකමද ? ඔබත් සිතා බලන්න ... සමහර විට ඔබ කියයි ජීවිතය තියෙන්නෙ විදින්ටනෙ? විදවන්න නෙවෙයිනෙ කියල ....ම්ම්ම් සමහර විට ඔබට යම් අවස්ථවක තේරේවි ඔබ මෙතෙක් ගතකල විදිනවා කියමින් ගතකල ජීවිතය ඇත්තටම විදීමක් නොවන බව , අන්න ඒ මොහොත තමයි ඔබේ ජීවිතයේ හිරු පායන මොහොත... මෙතෙක් අප අදුරේ අත ගාමින් හිටි හැටි සිහි වේවි... දුක් නොවන්න... අපි දැන්ම පටන්ගමු ... අපේ මේ ජීවිතයට ආලෝකය උදා කර ගන්න. නැවත ඒ දුක් අදුරට නොයන්නට .... අපි ජීවිතය අවබෝදයෙන් ගත කරමු ... මේ සසර බැදගෙන ඉන්න අනවශ්ය බැදීම් වලින් මිදෙමු ... එතකොට නොදැනීම ඒ බැදීම් නිසා ඇතිවෙලා තියෙන දුක නෙතිවෙවි ... නේද? ඔබත් මොහොතක් සිතන්න ....අප මේ දුක් සසර තව තවත් දික් කරගත යුතුද? ධර්මය තිබෙනම් .... යන මගත් දනීනම් ... ඇයි ඒ මග නොයන්නේ ....
** ආදරය මා ***
නුඹ සොයා ගෙන එන්න බෑ මට
වෙන සිතක මම නැවතිලා
ප්‍රථම ප්‍රේමය නුඹ උනත් මගෙ
ඇය මගේ හදවත වෙලා ....
එදා පෙර දින මාව තනි කර
ඔබ කොහේදෝ සැගවුනා
ඇගේ සෙනෙහස මටම පුදලා
ඇය මගේ දුක නැති කලා .....
නුඹ මගේ සොයුරියක් වී
හිදින්නට හැක හැම දිනේ
නුඹට හොද සොහොයුරෙකු වී මට
හිදින්නට හැක හැම දිනේ ..
ජීවිතේ කදුළට නිමා දී
සතුට සෙනෙහස ඇය ගෙනත්
ඇය අපේ ජීවය වෙලා ඇතය
මියෙන තුරු මගෙ ලොවේ ....
*** ආදරය මා ***
Sunday, October 23, 2011
හෑරයාම
හමුවීම ළඟම හුන්
වෙන් වීම ළං වෙලා.....
හඳවතට ළෙන්ගතු ම
කවුරුදෝ හඬවලා.....
යන්නෙ දුර ඈත නුඹ
ඇයිද ඉක්මන් වෙළා.......
කියන් අක්කණ්ඩියේ
නුඹ මගේ සිත රිදවලා.....
ජීවිතය කුමක් දැයි
අවබෝධයෙන් සිටියා එදා ...
ඇයිද නුඹ සොයුරියේ
යන්නෙ අප හැර දමා.....
ආදරය
ඔයා මට කොච්චර ආදරේද
මහා සාගරයටත් වඩා
මම ඔයාට කොච්චචර ආදරේද
මහා මේරුවටත් වඩා
කීවදද එදා අප
තනි වෙලා මම....
ඒ මහා මේරුව මත
ඔයා ඈත
පුංච් දූපතක ....
අද .....
**** ආදරය ****
ලෝකය මම ය
මම සිතුවෙමි දිනෙක
සොයා ගන්නට ජීවිතය
සොයා යන්නට ලෝකය
ඉතින් මම ඈරඹීය එය ....
මම කවුද සොයා යන්නට
එයින් ලොව සොයා ගන්නට
සොයා බෑළුවෙමි දස අතින්
මම කවුද යෑයි කියා ...
අහන්නට කෙනෙකු නෑත
සොයන්නට තෑනක නෑත
හෑමෝම ඉබාගාතයේ
යන්නවුන් සේ ලොවේ ...
ඉදින් මම අතහෑරිමි මා සෙවීම
ඈරඹීය ලෝකය සයන්නට
සොයා යන විට එය
දුටු වේය මා ලෝකය ...
අහෝ ... පුදුමයකි ...
ඈත ලෝකයම මා තුළ
අවෑසි වන්නේ සොයා ගෑනුමයි
අවබෝධයෙන් සිත තුළ
***** ලෝකය මම ය *****
Saturday, October 15, 2011
ආදරෙයි මා....
සද අමාවක.....
මගෙ ජීවිතය......
කණාමැදිරි එළියකුදු නොමැතිව...
මංමුලාවෙකු වූ වෙකු සේ......
ඇවිද යන විට........
ජීවන මඟ දිගේ ......
හිරු කුමරියක වි.....
පිපී මා හදවතේ......
ආදරය මෙයම යැයි ....
සෙනෙහසින් කියා දී ....
හදවතේ රැජිණියනි .....
මම නුඹට ආදරෙයි .....
සසර වසනා තුරා මා...
**** ආදරෙයි මා.... *****
අහිමි වූ දුක
දිනක මා පෙර අතීතයකදි.......
සොදුරු සිතකට පෙම් කළා ..............
මගේ සෙනෙහස ඇයම වූ වද.......
ඇගේ සෙනෙහස මා ව පැතුවද ......
දෛවයේ සරදමක් වී මට .......
හිමි නොවන්නට ඇය වෙන් වුනා .....
අහිමි වූ වද දුකක් නැහැ මට .....
ඇගේ සෙනෙහස ඒ දිනේ ......
ආදරය යනු කුමක් දැයි මම....
හදුන ගෙන සිටි නිසා .....
****** අහිමි වූ දුක *****
පුංචි පුතා 2
පුංචි පුතේ නුඹ ඇවිදින් .......
අපෙ ලොවට ........
සතුටු සිනහ ඉතිරෙව්වා ........
මගෙ ගෙපැළේ .........
ලොවට උතුම් පදවියකින් .......
මා පිදු වේ......
අප්පච්චී නාමය මම .......
අද ලැබුවේ ........
****** පුංචි පුතා *******
බලාපොරොත්තුව
හිරු වෙලා මා නුඹේ ලොව වෙත ........
සදු වෙළා නුඹ මගේ දිවියට .........
සසර ගමනේ හමුවෙළා අප .........
දෙසිත් එක් වී හද බැදී ........
පුංචි තරුවක් වී එදා .......
චුටි පුතු ඇත පායලා ..........
ඔහුගෙ කිරිසිනහා හඩින් ......
ලොවම මා දිනුවා යැයි සිතේ....
ඇත අහසේ... පුංචි ....
තරු කුමරියක් වී ....
කවුරු හෝ හිනැහී දිළෙයි දෝ....
බළා ඉමි අප සෙනෙහසින් .....
***** බලාපොරොත්තුව ***** *
කිසි ජීවිතටය
ජීවිතෙ මොකක්දෝ ........
හිස් බවක හැගීමක් ..........
හිත ඇතුලෙ කෑගසයි .......
හද වතට දුක් දෙමින් ......
සොයන්නෙමි හැම විටම ........
ඒ කුමක් දැයි කියා ......
මා මනස කළඹමින් ....
ලැබෙන හැම මොහොතකම ..........
වි... ර...හ...ව
දැත් පටලව ගෙන
ඇවිද යන අයුරු
දුටුවේය මම
පෙර දිනෙක ඔබ ...
මල් පිපී බර වුන
විහගුන්ගෙ ගී සරෙ
හඬ ඔබට නෑසුනෙමි
ඔබල ඔබෙ පෙම් ලෝක වල....
අද උදේ දුටිමි මම
ඒ මාවතේ කෙලෙවරක
බංකුවක මත
තනි වෙලා නුඹ සිටිනයුරු ....
නෙතු අතර කදුළු කැට
දෙකපුලේ කැටි ගැසී
සිතේ දුක විහන්ගුනට
හදවතින් පවසමින්....
**** වි... ර...හ...ව *****
නුඹ මගේ ජීවිතය
සෙනෙහෙ සිත මගෙ අතීතය ළඟ
දඟ කරන විට සිත කොනේ
නුඹේ නෙතු මට හමු උනා පෙරදින
යළිදු මා මතකෙට නැගේ....
දහස් නෙතු අතර මම
සොයන විට ඒ දෙනෙත
හමුවුණෙමි නිල් නයන
මා හදින් වැළඳ ගති ...
සසර පෙර පුරුදු ලෙස
හමුවී බැඳුනු අප හද
රන් මුදුවක් පැළඳ
ජීවිතේ විදිමි අද ....
***** නුඹ මගේ ජීවිතය *****
මවක ගේ පෑතුමක්
පාට පාට මල් වල ඇති
සුවඳ ගතේ තවරන්නම්
දේදුන්නේ පාට රැඳුනු
සළුව බබුට පොරවන්නම්
සීත පුළුන් කැටි වැනි වූ
වළා යහනෙ සතපන්නම්
සමනලයින් සමග හොවා
මගේ පුතා නළවන්නම්
**** මවක ගේ පැතුමක් ****
මගේ බිරිද ගේ නිර්මණයක්
ආදරය ...
ආදරය... ආදර ...ආද ..
මොකද්ද මේ ආදරය ...
සොයා යන්නට සිතයි මාහට ...
උපන් මොහොතේ සිටම ...
මරණයෙන් අප හැර යන තුරුම ...
අප සොයා එන සොයා යන...
ආදරය ...
මවගෙන්... පියා ගෙන් ...
සහෝදර සහෝදරියගෙන් ...
නැදැ හිතවතුන් ගෙන් ....
මිතුරු මිතුරියන් ගෙන් ...
දූදරු මිණිපිරියන්ගෙන් ...
අප ලබන ආදරය...
ඒ සියළු දෙයට වැඩි ...
පෙම්වතියගෙන් පෙම්වතාගෙන්...
අප සොයන අප පතන ...
ආදරය ...
ලැබීමෙදි සතුට ඇති ...
අහිමි වීමෙදි දුක උරුම ..
නෙතකට සතුටු මෙන් ...
දුක් කදුළු දෙන...
ආදරය ...
පුංචි පුතා
කිරි සිනා නුඹගෙ මුව
දකින විට මගේ නෙතු
යළි යළිත් ජීවිතය
හිමි උනා සේ දැනේ.....
**** පුංචි පුතා ****
Subscribe to:
Posts (Atom)